English (UK)TamilSriLanka

නැවුම් පුවත්

23
Nov2022

CAA Staff Training - RTI

The CAA Staff have been given training on the Right to Information by Ms.Pubudika S. Bandara  

«
»

2003 අංක 09 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනත

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනත 2003 ජනවාරි මස 09 වන දින පාර්ලිමේන්තුවේදී සම්මත වූ අතර පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පිහිටුවා ඇත්තේ මේ පනත යටතේය. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙළඳ වාණිජ පාරිභෝගික කටයුතු හා අලෙවි ප්‍රවර්ධන අමාත්‍යාංශය යටතේ ස්ථාපිත වුවකි. මෙම පනත සම්මත වීමත් සමඟම පහත සඳහන් පනත් අහෝසි විය.

  • 1979 අංක 01 දරණ පාරිභෝගික ආරක්ෂණ පනත
  • 1987 අංක 01 දරණ සාධාරණ වෙළඳ කොමිෂන් සභා පනත
  • (173 වන අධිකාරය වු) මිල පාලන පනත

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනත බලාත්මක වීමත් සමඟ පැවති සමහර නීති ඉවත්වූ අතර සමහර නීති අලුතින් එකතු විය.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනත නිර්මාණය කිරීමේ මුලික අභිප්‍රාය වුයේ පාරිභෝගිකයන් ආරක්ෂා කිරීමය. වර්තමානයේ පවතින ආර්ථික තත්ත්වයන් හා වෙළඳ ක්‍රියාකාරකම් හමුවේ පාරිභෝගිකයාගේ ආරක්ෂාව සහතික කිරීම අධිකාරියේ මුලික ඉලක්කය වේ. අසාධාරණයට ලක්වන පාරිභෝගිකයන් පමණක් නොව වෙළෙදුන්ගේද අයිතිවාසිකම් රැකගැනීම සඳහා අධිකාරිය මැදිහත් වේ. පනත මඟින් භාණ්ඩ හා සේවා යන අංශ දෙකම පිළිබඳව ක්‍රියා කිරීමේ බලතල අධිකාරිය වෙත පවරා ඇත.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනතේ පහත සඳහන් කොටස් අන්තර්ගත වේ.

  • 1 කොටස - පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පිහිටුවීම.
  • 2 කොටස - වෙළඳාම විධිමත් කිරීම.
  • 3 කොටස - තරඟකාරීත්ව සහ පාරිභෝගික සම්බන්ධතා ප්‍රවර්ධනය.
  • 4 කොටස - පාරිභෝගික කටයුතු පිළිබඳ සභාව.
  • 5 කොටස - අධිකාරියේ අරමුදල.
  • 6 කොටස - අධිකාරියේ කාර්යය මණ්ඩලය.
  • 7 කොටස - පොදු විධිවිධාන.
යාවත්කාලීනය : 17-03-2023
කතුහිමිකම © 2023 පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය. සියළු හිමිකම් ඇවිරිනි.
නිමැවුම Pooranee Inspirations.