English (UK)TamilSriLanka

නැවුම් පුවත්

පාරිභෝගික අධ්‍යාපනය

පාරිභෝගික අධිකාරියේ මූලිකම කාර්යයක් ලෙස පාරිභෝගික ආරක්ෂාව, සෞඛ්‍ය, අයිතිවාසිකම් හා යුතුකම් සම්බන්ධයෙන් අධ්‍යාපනයක් ලබා දීම දැක්විය හැකිය. ඒ යටතේ පහත කාර්යයන් සිදු කරයි

  •  පාරි‍භෝගික උළෙලවල් සංවිධානය කිරීම
  •  පාසල් සිසුන් දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම
  •  අන්තර් පාසල් චිත්‍ර, රචනා හා නාට්‍ය තරඟ පැවැත්වීම
  •  දිවයිනේ සියලුම පාසල් සිසුන් අතර දැනුම මිනුම තරඟයන් පැවැත්වීම
  •  ජනමාධ්‍ය හරහා දැනුම බෙදා හැරීම

පාරිභෝගික සංවිධාන ඇති කිරීම තුළින් පාරිභෝගික අධ්‍යාපනය සේම පාරිභෝගිකයන්ට මතුවන  ගැටලු  ඉදිරිපත් කිරීම සඳහා වේදිකාවක් සැපයීම බලාපොරොත්තු වේ. මෙහි අරමුණ වන්නේ මහජන අවශ්‍යතාවයන් පිළිබඳව දැඩි හඩක් නැගිය හැකි ලෙස පාරිභෝගික කණ්ඩායම් බල ගැන්වීමයි. අධිකාරිය පාරිභෝගික සමිති පිහිටු වීමට කටයුතු කරන ඕනෑම පාර්ශවයකට අවශ්‍ය සහය ලබා දෙයි.

 

 

 

යාවත්කාලීනය : 20-03-2024
කතුහිමිකම © 2024 පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය. සියළු හිමිකම් ඇවිරිනි.
නිමැවුම Pooranee Inspirations.