English (UK)TamilSriLanka

නැවුම් පුවත්

Antigen Test & PCR Test සම්බන්ධ පිරිවැය වූහයන් පිළිබඳව අද (08.04) දින පැවති සාකච්ඡාව.

Antigen Test & PCR Test සම්බන්ධ පිරිවැය විහූයන් පිළිබඳව අද (08.04) දින පැවති සාකච්ඡාව.

දැනට දිවයිනේ තිබෙන පෞද්ගලික රෝහල් විසින් විවිධ මිළගණන් යටතේ ඇන්ටිජන් සහ PCR පරීක්ෂණ සිදුකරනු ලබන බැවින් එම තත්ත්වය පාලනය කිරීම සඳහා අදාළ ආයතන අප අමාත්යාංශය වෙත කැඳවා රැස්වීමක් පවත්වා දැනට අයකරනු ලබන ගාස්තුවල ඒකීයත්වයක් මෙන්ම එම පරීක්ෂණ ගුණාත්මකව හා ඒ සඳහා ගෙවන ගාස්තු අඩුකර ගැනීම අරමුණු කරගෙන රැස්වීමක් පවත්වන ලද අතර දැනට අයකරන ගාස්තු ඉතා අධිකවන බැවින් PCR සඳහා රු.6,000/- කටත්, ඇන්ටිජන් පරික්ෂාව සඳහා රු.1,750/- කටත් අඩුකර ගැනීමට එම ආයතනවලට කටයුතු කරන ලෙස උපදෙස් ලබාදෙන ලදී.
තවද එම ආයතනවල පිරිවැය ව්යුහයන් පිළිබඳ තොරතුරු පාරිභෝගික අධිකාරිය වෙත ලබාදෙන ලෙසත් ඉල්ලා සිටින ලදි. මේ සඳහා පහත සඳහන් ආයතන සහභාගි විය.
1. සෞඛ්ය අමාත්යාංශය
2. ශ්රී ජයවර්ධනපුර රෝහල් පශ්චාත් වෛද්ය මධ්යස්ථානය
3. පෞද්ගලික සෞඛ්ය සේවා නියාමන සභාව
4. පෞද්ගලික රෝහල් සහ සාත්තු නිවාසවල සංගමය
ඒ සම්බන්ධයෙන් අදාළ ආයතනවල පාලනාධිකාරිය දැනුවත් කර ඉදිරියේදී කටයුතු කිරීමට ක්රියාකරන බව පැමිණ සිටි ආයතන දැනුම් දෙන ලදි.
මෙම අවස්ථාව සඳහා ගරු ලසන්ත අලගියවන්න රාජ්‍ය අමාත්‍යතුමා, අමාත්යාංශ ලේකම්තුමා, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ ගරු සභාපතිතුමා ඇතුලු නිලධාරීන් සහභාගී විය.
 
 
 
 
යාවත්කාලීනය : 24-04-2024
කතුහිමිකම © 2024 පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය. සියළු හිමිකම් ඇවිරිනි.
නිමැවුම Pooranee Inspirations.