English (UK)TamilSriLanka

නැවුම් පුවත්

24
Aug2023

Obituary notice

අපවත් වි වදාල ශ්‍රි ලංකා රාමාඤ්ඤ  මහා නිකායේ   අනුනායක ධුරන්දර, පාරිභොගික  කටයුතු පිලිබද  අදිකාරියේ  අධ‍‍්‍යක්‍ෂක  මණ්ඩලයේ සාමජික  අති පූජ්්‍ය නෑදගමුවේ විජය මෛත්‍රි නායක ස්වාමින් වහන්සේට...

«
»

වෙළෙදාම විධිමත් කිරීම සදහා අධිකාරිය සතු බලතල

  • භාණ්ඩ ලේබල් කිරීම, මිල ලකුණු කිරීම, ඇසිරීම, විකිණීම හෝ නිෂ්පාදනය යන ක්‍රියාවලියේ දී පාරිභෝගික ආරක්ෂාව ඇතිකිරීමට අවශ්‍ය කටයුතු සැලසීම. (10 වන වගන්තිය)
  • අධිකාරිය විසින් නිශ්චිතව නම් කරනු ලබන යම් භාණ්ඩයක් සෑදීම, ආනයනය කිරීම, අලෙවි කිරීම, ගබඩා කිරීම, විකිණීම හා රැස්කිරීම සම්බන්ධයෙන් විශේෂ විධාන නිකුත් කිරීම. (10 වන වගන්තිය)
  • භාණ්ඩ හා සේවාවන් හි ගුණත්වය සහතික කිරීම සඳහා ක්‍රියාමාර්ග ගැනීම (12 වන වගන්තිය)
  • අධිකාරිය මගින් නියම කර ඇති ඇති ප්‍රමිතියට අනුකුල නොවන භාණ්ඩ හා සේවා සම්බන්ධයෙන් මෙන්ම ප්‍රතිඥාභාරයක් හෝ සහතික වීමකට අනුකූල නොවන භාණ්ඩ හා සේවා නිෂ්පාදකයන් හා වෙළෙදුන් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම. (13 වන වගන්තිය)
  • භාණ්ඩවල උපරිම මිල, ප්‍රමිතිය හා භාණ්ඩ සම්බන්ධයෙන් වෙනත් ඕනෑම කරුණකට අදාලව නිෂ්පාදකයන් හා වෙළෙදුන් සමග ලිඛිත ගිවිසුම් වලට එලබීමට.
    භාණ්ඩයක් හෝ සේවාවක් ජන ජීවිතයට අත්‍යාවශ්‍ය බව අමාත්‍යවරයා තීරණය කළ විට එය නිශ්චිත භාණ්ඩයක් ලෙස තීරණය කිරීම (18 වන වගන්තිය)
  • තරඟ විරෝධි චර්යාවන් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම. එහිදී යම් භාණ්ඩයක් හෝ සේවාවක් සැපයීමේ දී තරඟකාරිත්වය සීමා කිරීම හෝ ඊට බාධා කිරී වැලැක්වීමට ක්‍රියාමාර්ග ගත හැක. (34 වන වගන්තිය)
  • අධිකාරිය තමන් විසින්ම හෝ ලැබෙන පැමිණිල්ලක් ආශ්‍රයෙන් ඒකාධිකාරය මෙන්ම අනෙකුත් තරග විරෝධි චර්යාවන් සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.
  • පරීක්ෂණ කටයුතු පැවැත්වීමේදී අධිකාරිය වෙත දිසා අධිකරණය සතු බලතල ඇත.
යාවත්කාලීනය : 25-09-2023
කතුහිමිකම © 2023 පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය. සියළු හිමිකම් ඇවිරිනි.
නිමැවුම Pooranee Inspirations.