English (UK)TamilSriLanka

නැවුම් පුවත්

11
Jun2026

Apply Now:Vacancies at Consumer Affairs Authority

Publish Date : 12/06/2026 Closing Date : 26/06/2026 (On or Before) Please click the links below to view the official vacancy advertisement and to complete the Google Application...

29
Apr2026

Vacancies at Consumer Affairs Authority

Publish Date : 20/04/2026 Closing Date : 03/05/2026  (On or Before)   For English News Paper Notice සිංහල පුවත්පත් දැන්වීම සඳහා தமிழ் செய்தித்தாள் அறிவிப்புக்கு

«
»

තරඟකාරීත්ව ප්‍රවර්ධනය

  • මහජන යහපතට පටහැනිව සිදුවන තරඟ විරෝධී චර්යා වෙනුවෙන් මැදිහත් වීම.
    අධිකාරිය සිය මෙභෙයවීමන් මහජන යහපතට පටහැනිව සිදුවන අසාධාරණ වෙළෙඳ පිළිවෙත් හඳුනා ගැනීම සහ ඒ සම්බන්ධ විමර්ශන පැවැත්වීම සිදුකෙරේ.
  • වෙළෙඳ ප්‍රජාව විසින් එවනු ලබන පැමිණිලි සම්බන්ධයෙන් ක්‍රියා මාර්ග ගැනීම.
    වෙළෙඳ ප්‍රජාව හෝ වෙළෙඳ සංගම් විසින් අධිකාරිය වෙත එවනු ලබන පැමිණිලි සම්බන්ධව මතුපිටින් පෙනෙන සාක්ෂි මත පූර්ණ සහ විධිමත් විමර්ශනයක් පවත්වා ඒ පිළිබඳ විධිමත් වාර්තාවක් සමඟ පාරිභෝගික කටයුතු පිළිබඳ සභාවට ඉදිරිපත් කරනු ලැබේ.
    • එකී වාර්තාව අනුව සහ අවශ්‍ය නම් සභාව විසින් වැඩිදුර කරුණු විමසා බලා එහි මහජන යහපතට හානිකර තරඟ විරෝධී චර්යාවක් සිදු වන්නේ නම් එකී ක්‍රියාව නැවැත්වීමට හෝ එසේ නොවන්නේ නම් එකී ක්‍රියාවම පවත්නාගෙන යාමට ඉඩ සැලසෙන නියෝගයක් සභාව විසින් ප්‍රකාශයට පත් කරනු ලබයි.
      • වෙළෙඳපොළ ව්‍යුහය සහ එහි වෙනස් වීම හඳුනා ගැනීම.
        මෙහිදී අධිකාරිය විසින් වෙළෙඳපොළ හැසිරීම පිළිබඳ සංඛ්‍යාත්මක දත්ත රැස්කිරීම සහ විශ්ලේෂණය කරමින් වෙළෙඳපොළෙහි ව්‍යුහය වෙනස්වීම හඳුනා ගැනීම සිදු කරනු ලබයි.
      • වෙළෙඳපොළ අධ්‍යයනය
        නිරන්තර වෙළෙඳපොළ සමීක්ෂණයන් පවත්වා එහිදී සිදුවන්නා වූ විචලනයන්ට අවශ්‍ය වන පරිදි උපදෙස් සහ නිර්දේශයන් ප්‍රතිපත්ති සම්පාදකයන් වෙත ඉදිරිපත් කිරීම සිදු කරනු ලබයි.
      • යහපත් තරඟකාරීත්ව ප්‍රවර්ධනය පිළිබඳ දැනුවත් කිරීම
        මේ සම්බන්ධයෙන් වෙළෙඳ ප්‍රජාව මුහුණපාන ප්‍රායෝගික ගැටළු පිළිබඳ කතිකාවතක් නිර්මාණය කරමින් ඒ සම්බන්ධ සාකච්ඡා සහ වැඩමුළු පැවැත්වීමත් එයට අධාර පිණිස අධිකාරිය විසින් සකස්කළ අත් පත්‍රිකා සහ විවිධ අණපනත් ඔවුන් අතර බෙදා හරිමින් සංවිධානාත්මක දැනුවත් කිරීමක් සිදුකරනු ලබයි.
      • සාධාරණ තරඟකාරීත්වයකින් යුතු වෙළෙඳපොළ පවත්වාගෙන යාම
        තෝරාගත් දේශීය කර්මාන්තකරුවන් ආරක්ෂා කරගැනීම පිණිස ආනයන කරුවන් වෙත පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියත් ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවත් ඒකාබද්ධ වී අදාල භාණ්ඩ සම්බන්ධයෙන් ඒවා දේශීයව විකිණිය යුතු උපරිම සිල්ලර මිල අදාල ආනයන කරුවන්ගෙන්ම ලබාගෙන එම භාණ්ඩයන්හි මිල ප්‍රදර්ශනය කිරීම අනිවාර්ය කරනු ලබන අතර එසේ අවනත නොවන ව්‍යාපාරික ප්‍රජාව මෙම ක්‍රියාවලියට අනුගත කරවීම සඳහා නිරන්තර වෙළෙඳපොළ අධ්‍යයනය සහ වැටලීම් සිදු කරනු ලබයි.

අධ්‍යක්ෂ,
තරඟකාරීත්ව ප්‍රවර්ධනය,
පාරිභෝගික සේවා අධිකාරිය,
තැ.පෙ. 1581
කොළඹ.

යාවත්කාලීනය : 12-06-2026
කතුහිමිකම © 2026 පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය. සියළු හිමිකම් ඇවිරිනි.
නිමැවුම Pooranee Inspirations.