NOTICE FOR MRP APPLICANTS Consumer Affairs Authority (CAA) is pleased to inform you that, to move...
The occasion of installing a new branch office of the Consumer Affairs Authority in the...
මේ දිනවල වෙළෙඳපොළේ ටයිල් මිල සීඝ්‍ර ඉහළයාමකට ලක් වී ඇති බැවින් දේශීය ටයිල් නිෂ්පාදකයින් සමග (08.06) දින ඒ පිළිබඳව පැවති සාකච්ඡාව.
ඒ අනුව Mack Tiles, Lanka Tiles, Rocell යන ටයිල් නිෂ්පාදන සමාගම් වල නියෝජිතයින් කැඳවා දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන ලදී. එම සමාගම්වල අදහස වූයේ සමාගම් විසින් ටයිල් මිල වැඩිකල නොමැති බවත් එම සමාගම් වලින් මිලදී ගන්නා අලෙවි නියෝජිතයින් සහ වෙළෙඳසැල් තම අභිමතය පරිදි මිල ගණන් වලට අලෙවි කිරීම හේතුවෙන් මෙම තත්ත්වය ඇති වූ බවය. ඒ අනුව ලබන මස පළමුවනදා(2021.09.01) සිට එකඟවන ලද මිල අදාල ටයිල් බහාලුමේ සලකුණු කිරීමට තීරණය විය.
මෙම අවස්ථාව සඳහා ගරු ලසන්ත අලගියවන්න රාජ්‍ය අමාත්‍යතුමා, අමාත්‍යාංශ ලේකම්තුමා ඇතුලු නිලධාරීන්, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපතිතුමා ඇතුලු නිලධාරීන් සහ දේශීය ටයිල් නිෂ්පාදකයින් සහභාගී විය.