මත්ද්‍රව්‍ය නිවාරණ මාසය නිමිත්තෙන් පාසල් සිසුන් අතර සිඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින මත්ද්‍රව්‍ය උවදුර මැඩ පැවැත්වීමේ අරමුණින් මත්ද්‍රව්‍ය වල ඇති අනිසි විපාක පිළිබදව පාසල් සිසුන් හා වෙළෙදුන් දැනුවත් කිරීමේ විශේෂ වැඩ සටහන සදහා පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියද සහභාගි වේ.
අපේ රටේ අනාගත පරපුර වන පාසල් දරුවන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් බේරා ගැනීම උදෙසා වූ මෙම වැඩ සටහන අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය,අධ්‍යාපන අමාත්‍යංශය,ශ්‍රී ලංකා පොලීසිය(ප්‍රජා පොලිස් කොට්ඨාසය),සෞඛයය අමාත්‍යංශය(වෛද්‍ය නිළධාරි(මානසික සෞඛයය),සෞඛයය වෛද්‍ය නිළධාරි, ආහාර හා ඖෂධ නියාමකවරු , මහජන සෞඛයය පරික්ෂක, මහජන සෞඛයය හෙද නිළධාරි, පවුල් සෞඛයය සේවා නිළධාරි), සුරාබදු දෙපාර්තමේන්තුව හා පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය යන ආයතන ඒකාබද්ධව 2015.07.28 වන දින පැවැත්වේ.