Apply Now: Driver Vacancy at Consumer Affairs Authority Publishing Date: 31/07/2026 Closing Date: 12/08/2026 (on or Before) For English Advertisement: Click here (https://drive.google.com/file/d/1dyDEy8uFlJlHIypjsnyVsasypAItacFl/view?usp=sharing) For Sinhala Advertisement: Click here (https://drive.google.com/file/d/1wu3tMXFEfVLQ4FEGwoj0dO-EQjmw2nWQ/view?usp=sharing)
Publish Date : 20/04/2026 Closing Date : 03/05/2026 (On or Before) For English News Paper Notice සිංහල පුවත්පත් දැන්වීම සඳහා தமிழ் செய்தித்தாள் அறிவிப்புக்கு
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සහ කොලොන්නාව සමූපකාරය එක්ව සිදු කල පාරිභෝගික දැනුවත් කිරීම
විවෘත ආර්ථිකය ශ්‍රී ලංකාවට හදුන්වා දීමට පෙර රට තුල වෙළඳාම් කටයුතු මනා ලෙස සිදු කරනු ලැබුයේ සමූපකාරය තුලින්ය. වර්තමානයේ පවා පාරිභෝගිකයන්ගේ සුවසෙත පිණිස සමූපකාරය මඟින් ඒ කටයුතු මනා ලෙස හැසිරවීම සිදු කරනු ලබයි. නමුත් අද, සමූපකාරය තුලින් පාරිභෝගික ජනතාව ඉවත්ව සිටී. කොලොන්නාව ප්‍රදේශයේ ක්‍රියාකාරි පාරිභෝගික සංවිධානයක් මඟින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට වාර්තා කර තිබුණේ ඔවුනට අයත් ප්‍රදේශය තුල ක්‍රියාත්මක වන සමුපකාර ප්‍රාදේශික හරහා භාණ්ඩ මිලදී ගැනීමේ කටයුතු විධිමත් කර දෙන ලෙසය. ඒ අනුව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය කොලොන්නාව විවිධ සේවා සමූපකාර සමිතියේ සභාපතිතුමා සහ සාමාන්‍යාධිකාරිතුමා සමඟ සාකච්ජාවක් සිදු කොට එම ප්‍රාදේශිකවල සේවය කරන කළමනාකරණ මහතුන්, ගබඩා කරන අංශයේ සේවක මහතුන්, ඇසුරුම් අංශයේ සේවක මහතුන් සහ පාරිභෝගික කටයුතු සම්බන්ධයෙන් ක්‍රියාකරන නිළධාරින් හට 2015.10.07 වන දින (ඊයේ) දින දැනුවත් කිරීම් වැඩ සටහනක් සිදු කරන ලදි. එහිදී ඔවුන්ට පාරිභෝගිකයාට අවශ්‍ය කරන පහසුකම් ලබා දෙන්නේ කෙසේද, භාණ්ඩවල ගුණත්වය රැකෙන පරිදි කටයුතු කරන්නේ කෙසේද, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරි පනත, පාරිභෝගික අයිතිවාසිකම් යුතුකම් පිළිබඳව සහ ඔවුන්ගේ ගැටලුවලට විසදුම් ලබා දීම ද එහිදී සිදු විය.
මෙම වැඩ සටහන සදහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා සමන්තා කරුණාරත්න මහත්මිය සහ විමර්ශන නිළධාරි කමල් ප්‍රදීප් මහතා සහභාගි විය.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සහ කොලොන්නාව සමූපකාරය එක්ව පාරිභෝගිකයන්ගේ සමාජ සුබසිද්ධිය උදෙසා විවිධ වැඩ සටහන් මාලාවක් ඉදිරියේදී පැවැත්වීමට එහිදි සාකච්ජාවට බදුන් විය.