English (UK)TamilSriLanka

නැවුම් පුවත්

14
May2026

Post of Drivers (PL 3) – (05 posts) - Head Office

Apply Now: Vacancies at Consumer Affairs Authority   Closing Date : 25/05/2026  (On or Before)     Post of Drivers (PL 3) – (05 posts) - Head Office   For English News...

29
Apr2026

Vacancies at Consumer Affairs Authority

Publish Date : 20/04/2026 Closing Date : 03/05/2026  (On or Before)   For English News Paper Notice සිංහල පුවත්පත් දැන්වීම සඳහා தமிழ் செய்தித்தாள் அறிவிப்புக்கு

«
»

පානීය ජල බෝතල් වල ප්‍රමිතිය පිළිබඳව විශේෂ දැනුවත් කිරීමේ වැඩ සටහන

පානීය ජලය අසුරන බෝතල් වල ප්‍රමිතිය පරික්ෂා කෙරේ.


වර්තමානය වන විට පානීය ජල බෝතල් අලෙවි කිරීම දැවැන්ත ව්‍යාපාරයක් බවට පත්ව ඇත.නිශ්පාදකයන් , බෙදා හරින්නන් හා අලෙවි කරන්නන්ගේ ප්‍රමාණයද මේ සමග වැඩි වී ඇති අතර, ඒ නිසාම පවතින තරඟකාරිත්වය හමුවේ වැඩි ලාභයක් ඉපයීමේ අරමුණින් පානීය ජලය හා ඇසුරුම්වල ගුණාත්මකභාවය හා ප්‍රමිතිය පිළිබඳව සැලකිල්ල අඩු වී ඇති බව පෙනී යයි.
පසුගිය කාලය පුරාම පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට ප්‍රමිතියෙන් තොර පානීය ජල බෝතල් පිළිබඳ පාරිභෝගික පැමිණිලි දිවයිනේ සෑම  දේශයකින්ම ලැබී ඇත.ඒ අනුව ශ්‍රී ලංකාව තුල අලෙවි කරන පානීය ජල බෝතල් වල සාම්පල සෑම දිස්ත්‍රික්කයකින්ම රැස් කර රජයේ රස පරික්ෂක, වෛද්ය  පර්යේෂණ ආයතනය, නාගරික අනුජීවි රසායනාගාරය හා කාර්මික තාක්ෂණ ආයතන වෙත යොමු කර පරික්ෂාවට ලක් කරනු ලැබීය. එම වාර්තාවලට අනුව පානීය ජල බෝතල් නිශ්පාදන 37ක් පමණ ප්‍රමිතියෙන් තොර බවට අනාවරණය විය.

මේ පිළිබඳ අවධානය යොමු කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනතේ 12(2) වගන්තිය යටතේ පොලිමර් ද්‍රව්‍යයන්ගෙන් සාදන ලද පානීය ජලය ඇසිරීම සදහා භාවිතා කරනු  ලබන  බඳුන්/බෝතල්  සඳහා වන ශ්‍රී ලංකා ප්‍රමිති පිරිවිතර SLS 1336 අනිවාර්ය කරමින් වර්ෂ 2016 සැප්තැම්බර් මස 01වන දින සිට බලාත්මක වන පරිදි ගැසට් පත්‍රයක් නිකුත් කර ඇත.

ඉදිරියේ දී වෙළඳපොලෙහි විකිණීම සදහා ඉදිරිපත් කර ඇති පානීය ජලය අසුරා ඇති බෝතල්වල ප්‍රමිතිය පරික්ෂා කර අදාල ප්‍රමිතියෙන් තොර බෝතල් නිශ්පාදන වලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිත අතර ඊට පෙර පෙට් (Pet) බෝතල් නිශ්පාදකයන් සහ ජලය ඇසුරුම් කරන්නන් සදහා විශේෂ දැනුවත් කිරීමක් 2015 ඔක්තෝබර් මස 06 වන දින(ඊයේ) පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙහි ආයතන පරිශ්‍රයේ දී ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ද සහභාගිත්වයෙන් පවත්වනු ලැබීය.


යාවත්කාලීනය : 15-05-2026
කතුහිමිකම © 2026 පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය. සියළු හිමිකම් ඇවිරිනි.
නිමැවුම Pooranee Inspirations.