SinhalaSriLankaTamilSriLanka

Latest News

New Chairman of CAA

Mr.Hasitha Tillekeratne the New Chairman of CAA

 

Mr.Hasitha Tillekeratne Assumed duties as Chairman of Consumer Affairs Authority.

Team work Makes the Dream work

“Team work Makes the Dream work" 
workshop conducted for Teachers of Colombo District will be held at Hector Kobbekaduwa Agrarian Research and Training Institute, Colombo 08 from 8.00 am - 3.00 pm on November 12, 2015.
Organized by Consumer Affairs Authority.

පානීය ජල බෝතල් වල ප්‍රමිතිය පිළිබඳව විශේෂ දැනුවත් කිරීමේ වැඩ සටහන

පානීය ජලය අසුරන බෝතල් වල ප්‍රමිතිය පරික්ෂා කෙරේ.


වර්තමානය වන විට පානීය ජල බෝතල් අලෙවි කිරීම දැවැන්ත ව්‍යාපාරයක් බවට පත්ව ඇත.නිශ්පාදකයන් , බෙදා හරින්නන් හා අලෙවි කරන්නන්ගේ ප්‍රමාණයද මේ සමග වැඩි වී ඇති අතර, ඒ නිසාම පවතින තරඟකාරිත්වය හමුවේ වැඩි ලාභයක් ඉපයීමේ අරමුණින් පානීය ජලය හා ඇසුරුම්වල ගුණාත්මකභාවය හා ප්‍රමිතිය පිළිබඳව සැලකිල්ල අඩු වී ඇති බව පෙනී යයි.
පසුගිය කාලය පුරාම පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට ප්‍රමිතියෙන් තොර පානීය ජල බෝතල් පිළිබඳ පාරිභෝගික පැමිණිලි දිවයිනේ සෑම  දේශයකින්ම ලැබී ඇත.ඒ අනුව ශ්‍රී ලංකාව තුල අලෙවි කරන පානීය ජල බෝතල් වල සාම්පල සෑම දිස්ත්‍රික්කයකින්ම රැස් කර රජයේ රස පරික්ෂක, වෛද්ය  පර්යේෂණ ආයතනය, නාගරික අනුජීවි රසායනාගාරය හා කාර්මික තාක්ෂණ ආයතන වෙත යොමු කර පරික්ෂාවට ලක් කරනු ලැබීය. එම වාර්තාවලට අනුව පානීය ජල බෝතල් නිශ්පාදන 37ක් පමණ ප්‍රමිතියෙන් තොර බවට අනාවරණය විය.

මේ පිළිබඳ අවධානය යොමු කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනතේ 12(2) වගන්තිය යටතේ පොලිමර් ද්‍රව්‍යයන්ගෙන් සාදන ලද පානීය ජලය ඇසිරීම සදහා භාවිතා කරනු  ලබන  බඳුන්/බෝතල්  සඳහා වන ශ්‍රී ලංකා ප්‍රමිති පිරිවිතර SLS 1336 අනිවාර්ය කරමින් වර්ෂ 2016 සැප්තැම්බර් මස 01වන දින සිට බලාත්මක වන පරිදි ගැසට් පත්‍රයක් නිකුත් කර ඇත.

ඉදිරියේ දී වෙළඳපොලෙහි විකිණීම සදහා ඉදිරිපත් කර ඇති පානීය ජලය අසුරා ඇති බෝතල්වල ප්‍රමිතිය පරික්ෂා කර අදාල ප්‍රමිතියෙන් තොර බෝතල් නිශ්පාදන වලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිත අතර ඊට පෙර පෙට් (Pet) බෝතල් නිශ්පාදකයන් සහ ජලය ඇසුරුම් කරන්නන් සදහා විශේෂ දැනුවත් කිරීමක් 2015 ඔක්තෝබර් මස 06 වන දින(ඊයේ) පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙහි ආයතන පරිශ්‍රයේ දී ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ද සහභාගිත්වයෙන් පවත්වනු ලැබීය.


2015.10.07 පාරිභෝගික දැනුවත් කිරීම

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සහ කොලොන්නාව සමූපකාරය එක්ව සිදු කල පාරිභෝගික දැනුවත් කිරීම

විවෘත ආර්ථිකය ශ්‍රී ලංකාවට හදුන්වා දීමට පෙර රට තුල වෙළඳාම් කටයුතු මනා ලෙස සිදු කරනු ලැබුයේ සමූපකාරය තුලින්ය. වර්තමානයේ පවා පාරිභෝගිකයන්ගේ සුවසෙත පිණිස සමූපකාරය මඟින් ඒ කටයුතු මනා ලෙස හැසිරවීම සිදු කරනු ලබයි. නමුත් අද, සමූපකාරය තුලින් පාරිභෝගික ජනතාව ඉවත්ව සිටී. කොලොන්නාව ප්‍රදේශයේ  ක්‍රියාකාරි පාරිභෝගික සංවිධානයක් මඟින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට වාර්තා කර තිබුණේ ඔවුනට අයත්  ප්‍රදේශය තුල ක්‍රියාත්මක වන සමුපකාර ප්‍රාදේශික හරහා භාණ්ඩ මිලදී ගැනීමේ කටයුතු විධිමත් කර දෙන ලෙසය. ඒ අනුව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය  කොලොන්නාව විවිධ සේවා සමූපකාර සමිතියේ සභාපතිතුමා සහ සාමාන්‍යාධිකාරිතුමා සමඟ සාකච්ජාවක් සිදු කොට එම ප්‍රාදේශිකවල සේවය කරන කළමනාකරණ මහතුන්, ගබඩා කරන අංශයේ සේවක මහතුන්, ඇසුරුම් අංශයේ සේවක මහතුන් සහ පාරිභෝගික කටයුතු සම්බන්ධයෙන් ක්‍රියාකරන නිළධාරින් හට 2015.10.07 වන දින (ඊයේ) දින දැනුවත් කිරීම් වැඩ සටහනක් සිදු කරන ලදි. එහිදී  ඔවුන්ට පාරිභෝගිකයාට අවශ්‍ය කරන පහසුකම් ලබා දෙන්නේ කෙසේද, භාණ්ඩවල ගුණත්වය රැකෙන පරිදි කටයුතු කරන්නේ කෙසේද, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරි පනත, පාරිභෝගික අයිතිවාසිකම් යුතුකම් පිළිබඳව සහ ඔවුන්ගේ ගැටලුවලට විසදුම් ලබා දීම ද එහිදී සිදු විය.

මෙම වැඩ සටහන සදහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා සමන්තා කරුණාරත්න මහත්මිය සහ විමර්ශන නිළධාරි කමල් ප්‍රදීප් මහතා සහභාගි විය.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සහ කොලොන්නාව සමූපකාරය එක්ව පාරිභෝගිකයන්ගේ සමාජ සුබසිද්ධිය උදෙසා  විවිධ වැඩ සටහන් මාලාවක් ඉදිරියේදී පැවැත්වීමට එහිදි සාකච්ජාවට බදුන් විය.

Residential training program

CAA Will conduct a residential training program in order to upgrade the efficiency and effectiveness of it’s staff members.

This two days residential outward bound professional development training program will be held on 4th & 5th of September 2015 at wayamba training institute, wariyapola. This program will be organized and Conducted by Sri Lanka Business Development Centre.

Last Update: 06-05-2024
Copyright © 2024 Consumer Affairs Authority. All Rights Reserved.
Developed by Pooranee Inspirations.