මේ දිනවල වෙළෙඳපොළේ ටයිල් මිල සීඝ්‍ර ඉහළයාමකට ලක් වී ඇති බැවින් දේශීය ටයිල් නිෂ්පාදකයින් සමග (08.06) දින ඒ පිළිබඳව පැවති සාකච්ඡාව.
ඒ අනුව Mack Tiles, Lanka Tiles, Rocell යන ටයිල් නිෂ්පාදන සමාගම් වල නියෝජිතයින් කැඳවා දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන ලදී. එම සමාගම්වල අදහස වූයේ සමාගම් විසින් ටයිල් මිල වැඩිකල නොමැති බවත් එම සමාගම් වලින් මිලදී ගන්නා අලෙවි නියෝජිතයින් සහ වෙළෙඳසැල් තම අභිමතය පරිදි මිල ගණන් වලට අලෙවි කිරීම හේතුවෙන් මෙම තත්ත්වය ඇති වූ බවය. ඒ අනුව ලබන මස පළමුවනදා(2021.09.01) සිට එකඟවන ලද මිල අදාල ටයිල් බහාලුමේ සලකුණු කිරීමට තීරණය විය.
මෙම අවස්ථාව සඳහා ගරු ලසන්ත අලගියවන්න රාජ්‍ය අමාත්‍යතුමා, අමාත්යාංශ ලේකම්තුමා ඇතුලු නිලධාරීන්, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපතිතුමා ඇතුලු නිලධාරීන් සහ දේශීය ටයිල් නිෂ්පාදකයින් සහභාගී විය.
2003 අංක 09 දරණ පාරිභෝගික කටයුතු අධිකාරියේ පනතේ, 10 (1) (ආ) (ආ) වගන්තිය මගින් පවරා ඇති බලතල යටතේ 2021 ජුනි 11 දිනැති ගැසට් නිවේදන අංක 2231/23, 2231/24 සහ 2231/25 හි ප්‍රකාශයට පත් කරන ලද විශේෂ නියෝග අංක 79, 80 සහ 81 ට අදාළ වන ගබඩා, ගුදම්, සයිලෝ , බහාලුම් හා ගබඩාකිරීම සඳහා භාවිතා කරන අනෙකුත් ස්ථාන ලියාපදිංචි කිරීමේ අයදුම් පත්‍රය.
Warehouse, Stores, Silos, Containers & Any other places of storing, Registration Application Format complying the Special Direction No. 79, 80 and 81, published in the Gazette Notification No 2231/23, 2231/24 & 2231/25, dated 11th June 2021, under the powers vested by Section 10(1)(b)(ii) of the Consumer Affairs Authority Act No. 09 of 2003.
2003 ஆம் ஆண்டின் 9 ஆம் இலக்க பாவனையாளர் அலுவல்கள் அதிகாரசபைச் சட்டத்தின் பிரிவு 10(1) (ஆ)(II) இன் கீழ் உரித்தளிக்கப்பட்ட அதிகாரங்களின் கீழ் 2021 யூன் 11 திகதியிடப்பட்ட வர்த்தமானி இலக்கங்கள் 2231/23, 2231/24 மற்றும் 2231/25 இல் பிரசுரிக்கப்பட்ட விசேட பணிப்புரை இலக்கங்கள் 79,80 மற்றும் 81ற்கு அமைவாக பண்டகசாலைகள், சைலோக்கள்,களஞ்சிங்கள், கொல்களன்கள் மற்றும் களஞ்சியப்படுத்துவதற்கு பயன்படுத்தப்படும் வேறு இடங்களை பதிவு செய்வதற்கான விண்ணப்ப படிவம்
For Registration of New Warehouse - Click here
For Updation of Current Stock - Click here
Application form demo - Warehouses Registration / ගබඩා ලියාපදිංචිය / கிடங்குகள் பதிவு